සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතීන් හෝ ආගම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ දරන පිරිස් වලට එරෙහිව තරාතිරම නොබලා, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා – ආරක්ෂක අමාත්‍යාංශය

Podu Jana Peramunaරට තුළ ජාතිවාදය ඇති කරන, ජාතීන් හෝ ආගම් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකිරීමට උත්සහ දරන පිරිස් වලට එරෙහිව තරාතිරම නොබලා, දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය මේ බව පවසා සිටින අතර එහි වැඩිදුරටත් සදහන් වන්නේ ඉහත ආකාරයේ තත්ත්වයක් රට තුළ ඇතිවන ලෙස කටයුතු කරනු ලබන පුද්ගලයින්, පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානයන්ට එරෙහිව මේ වන විට රටතුළ බලපවත්නා හදිසි නීති රෙගුලාසී යටතේ නීතිය ක්‍රියාත්මක කරනු ලබන බවයි. ඒ අනුව ජනතාව ගැටුම්කාරී තත්ත්වයක් සදහා පොළොඹවන අයුරින් විවිධ ප්‍රකාශ, සමාජ මාධ්‍ය ඡාලා වෙත ඡායාරූප හා වඩී‍ෙයා් දර්ශන මුදාහැරීමට කටයුතු කරනු ලබන පිරිස් වලට එරෙහිව කටයුතු කරන බවයි. එසේම සැක කටයුතු පාර්සල්, වාහන හෝ පුද්ගලයින් පිළිබදව අසත්‍ය තොරතුරු සපයා ආරක්ෂක අංශයන් නොමග යැවීමට උත්සහ කරන පිරිස් වලට එරෙහිව ද නීතිය තදින් ක%ියාත්මක කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට