“මාකඳුරේ මදුෂ්” මෙරටට පිටුවහල් කිරීම ගැන ඩුබායිහි අධිකරණ තීන්දුව අද..
ඩුබායිහිදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මදුෂ්” යන අය ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන අධිකරණ තීන්දුව අද (02) ලබාදීමට නියමිතව ඇති බව වාර්තා වේ. “මාකඳුරේ මදුෂ්” ඇතුළු පිරිසක් ඩුබායි රාජ්‍යයේදී සාදයක් අතරතුර අත්අඩංගුවට පත්වූ අතර තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා මාකඳුරේ මදුෂ් විසින් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද ඇපෑල විභාගයට ගනිමින් එරට අධිකරණය විසින් අද එහි තීන්දුව ලබාදෙනු ඇත.