රක්ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලේ සෝදිසි මෙහෙයුමක්..
කොම්පඤ්ඤවීදිය, වොක්ෂෝල් වීදියේ පිහිටා ඇති ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා මූලස්ථාන ගොඩනැගිල්ලේ අද (02) උදෑසන හදිසි සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති බව වාර්තා වේ. අදාළ ගොඩනැගිල්ලේ සැක කටයුතු පාර්සලයක් තිබෙන බවට ලද තොරතුරකට අනුව ආරක්ෂක අංශ විසින් මෙම සෝදිසි මෙහෙයුම දියත් කර ඇති නමුත් එවැනි සැකකටයුතු පාර්සලයෙන් හමුවී නොමැති බව ද වාර්තා වේ.