සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රස්ත ප්‍රහාරයට මූලිකම හේතුව, වත්මන් ආණ්ඩුවේ සංහිදියා වැඩපිළිවෙළයි – හෙළ ජන බලය සංවිධානය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුව විසින් දියත් කරන ලද සංහිදියා වැඩපිළිවෙළ, පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට මූලිකම හේතුව ලෙස දැක්විය හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩුවත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතුව ඇති බවත් හෙළ ජන බලය සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී හෙළ ජන බලය සංවිධානයේ කාරක සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ කාලයක් තිස්සේ හෙළ ජන බලය සංවිධානය මෙන්ම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඅත්තේ ඥානසාර හිමියන් විසින් ද මෙරට ක්‍රියාත්මක මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් විටින් විට කරුණු ඉදිරිපත් කළ ද ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකළ බවයි. එසේ නිසි අවධානයක් යොමුනොකිරීමේ විපාක මේ වන විට රටට මෙන්ම ජනතාවට ද අත්විදීමට සිදුව ඇති අතර ජන වර්ගය අනුව මෙරට නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වන ආකාරයක් දැකිය හැකි බවත් නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

අන්තවාදය පෝෂණය කරමින් සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන් සහ එස්.එම් මරික්කාර් යන පුද්ගලයින් පිළිබදව කිසිදු අවධානයක් යොමුනොකළ ද සිය ඡන්ද බලය වැඩිකරගැනීම සම්බන්ධයෙන් පමණක් අවධානය යොමුකිරීමට අග්‍රාමාත්‍යවරයා සහ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ද සිය අදහස් දක්වමින් බැල්ලන්තුඩාව මහතා තවදුරටත් පවසා සිටියේය.

බටහිර ගැත්තෙක් ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ඇමෙරිකානු ව්‍යාප්තවාදය මෙරට ස්ථාපිත කිරීමේ අවස්ථාව සලසමින් සිටින අතර ඒ සදහා පසුගියදා මෙරට සිදුවූ ප්‍රහාරයෙන් දුකට පත්ව සිටින ජනතාවගේ කදුළු උපයෝගි කරගන්නා අකාරයක් දක්නට ලැබෙන බව ද තවදුරටත් කරුණු දක්වමින් නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හෙළ ජන බලය සංවිධානයේ කාරක සභිකයින් වන විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක සහ මාධ්‍යවේදී මතුගම සෙනෙවිරත්න යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට