සත්‍යයේ පුවත් අඩහැරය….

රට ගොඩනගන “ජාතික මග” සංවිධානය වටා එක්වන්න, අමාත්‍ය චම්පිකගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට අදුරට පත්ව ඇති මේ මොහොතේ සියළු බෙදීම් පසෙකලා, එක්සත්ව රට දියුණුව කරා රැගෙනයාමේ අරමුණින්, අප විසින් පිහිටුවා ගන්නා ලද “ජාතික මග” නම්වූ නව සංවිධානය වටා එක්වන්නැයි සියළුදෙනාට ආරාධනා කරන බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියි. ඊයේ (02) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා සිටි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, තවදුරටත් අවධාරණය කර සිටියේ පසුගියදා මෙරටදී එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පිරිස මෙන්ම ජාතික තව්හිද් ජමාද් සංවිධානය හදුනාගැනීමට කටයුතු කළයුතුව ඇති අතර සියළු බුද්ධි අංශ ඒකාබද්ධ කර ජනතාවට සත්‍ය තොරතුරු ලබාදීමට කටයුතු කළයුතු බවයි. මෙරට තුළ මුස්ලිම් අන්තවාදී කටයුතු වල නිරතව සිටින්නේ ඉතා අතළොස්සක්වූ මුස්ලිම් පිරිසක් වන අතර මෙරට බහුතරයක් මුස්ලිම් ජනතාව, මුස්ලිම් අන්තවාදයට එරෙහිව එරෙහි බැවින් මුස්ලිම් අන්තවාදී පිරිස කවුරුන්දැයි යන්න පිළිබද නිවැරදිය සොයාබලා අවශ්‍ය පියවර ගතයුතුව ඇති අතර රට තුළ විනාශකාරී වාතාවරණයක් ඇතිවීමට කිසිසේත්ම අවස්ථාවක් ලබානොදිය යුතු බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා තවදුරටත් පවසා සිටින ලදී. “ජාතික මග” සංවිධානය, රට නැවත ගොඩනැගීම සදහා කැපවන අතර ඉදිරියේදීත් ක්‍රියාකාරීව ඒ සදහා කටයුතු කරන බව ද අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුවට සහභාගිවූ “ජාතික මග” සංවිධානයේ ක්‍රියාකාරී පවසා සිටියේ, එකිනෙකාට චෝදනා නොකරන, දේශපාලන මතවාද පසෙකලා එකාවන්ව වෛද්‍ය උපුල් ගුණසේකර මහතාටයුතු කරන දේශපාලඥයින් සමග කටයුතු කිරීමට විද්වත් වෘත්තකයින් ලෙස අප සූදානම් බවත් රට තුළ ඇතිවී ඇති තත්ත්වයේදී කැපවීමෙන් කටයුතු කරන මෙරට ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය අංශයන්ට නිසි සහය ලබාදී හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කළ යුතු බව ජනතාවට අවධාරණය කරන බව ද වෛද්‍ය උපුල් ගුණසේකර මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, නීතිඥ රවී ජයවර්ධන, ප්‍රවීණ මාධ්‍යෙව්දී සමන් වගාආරච්චි, විමුක්ති ජයසුන්සර සහ ප්‍රියදර්ශනී ආරියරත්න යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට