සත්‍යයේ පුවත් අඩහැරය….

“මාකඳුරේ මධුෂ්” පිටුවහල්, කටුනායකදී CID අත්අඩංගුවට..

Podu Jana Peramunaඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්වූ මෙරට පාතාල සාමාජිකයෙකු වන “මාකඳුරේ මධුෂ්” එරටින් පිටුවල් කර ශ්‍රී ලංකාවට එවා ඇත. ඒ අනුව අද (05) අළුයම 05.00 ට පමණ යූ.එල් 226 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ ඇති මාකඳුරේ මධූෂ් යන අය එහිදී කටුනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය විසින් සිය භාරයට ගෙන තිබේ. ඩුබායි රාජ්‍යයේදී පැවති සාදයකදී මාකඳුරේ මදුෂ් ඇතුළු පුද්ගලයින් 31 දෙනෙකු එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වූයේ පෙබරවාරි 05 වනදායි. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම යන චෝදනා මත අත්අඩංගුවට පත්වූ අදාළ පිරිස අතර මෙරට ජනප්‍රිය ගායක අමල් පෙරේරා, ඔහුගේ පුත් නදිමාල් පෙරේරා මෙන්ම රංගන ශිල්පි රයන් වෑන් රෝයන් යන පුද්ගලයින් ද සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට