සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රටේ ආරක්ෂාව පහත හෙලන රණවිරු දඩයම වහා අත්හිටුවන්න, මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය ජනපතිගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaවිවිධ අසත්‍ය චෝදනා කරමින් බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම නිසා මෙරට බුද්ධි දැවැන්ත කඩාවැටීමකට ලක්වීමෙන් රටේ ආරක්ෂාව බරපතල ගැටළුවකට මුහුණ දීම නිසා ත්‍රස්තයින්ට ප්‍රහාර එල්ලකිරීමට ඉතා පහසු අවස්ථාවක් හිමිවූ බව මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානය අවධාරණය කර සිටියි.ඊයේ (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානයේ කැදවුම්කරු නීතීඥ, විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පවසා සිටියේ මාධ්‍යවේදීන් වන ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග සහ උපාලි තෙන්නකෝන් යන පිරිසට පහරදීම, අතුරුදහන්කිරීම සහ ඝාතනය කිරීම ආදී චෝදනා එල්ලකරමින් මෙරට බුද්ධි අංශ රණවිරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි. එමෙන්ම මේ වන විට බුද්ධි අංශ රණවිරුවන් තිදෙනෙකුට මරණ දඩුවම ලබාදී ඇති අතර මෙය, එවැන්නක් ලොව තුළ සිදුවූ පළමු අවස්ථාව ලෙස හැදින්විය හැකි බවයි. ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන්කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අමාත්‍ය පාඨලී චම්පික මහතා වන අතර උපාලි තෙන්නකෝන් සහ කීත් නොයාර් යන මහත්වරුන්ට පහරදීමත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමත් යන සිද්ධි සම්බන්ධයෙන් වගකිව යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු හමුදාපති, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බවත් වගකීමෙන් යුතුව පවසන බව ද අජිත් ප්‍රසන්න මහතා තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

මෙම චෝදනා සම්බන්ධයෙන් හැකිනම් තමන්ට විරුද්ධව නඩු පවරන්නැයි පාඨලී චම්පික සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන්ට අභියෝග කර සිටින අතර එසේ නඩු පැවරුවහොත් අදාළ චෝදනා අධිකරණයේදී ඔප්පු කිරීමට කටයුතු කරන බව ද ප්‍රසන්න මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. ජාතික ආරක්ෂාව අනතුරේ හෙලූ බුද්ධි අංශ රණවිරුවන් දඩයම් කිරීම වහාම අත්හිටුවන ලෙසත් රණවිරු දඩයම පිළිබද විමර්ශනය කිරීම සදහා කොමිෂන් සභාවක් පත්කරන ලෙසද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් ද කරන ලදී.

මෙම අවස්ථාව සදහා මව්බිම වෙනුවන් රණවිරුවෝ සංවිධානයේ සාමාජික විශ්‍රාමික කපිතාන් අසේල ධර්මසිරි මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට