පෙර දිනයන්ට සාපේක්ෂව අද පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් – අධ්‍යාපන අමාත්‍යාංශය
ඊයේ (08) සහ පෙරේදා (07) යන දිනයන්ට සාපේක්ෂව අද (09) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් සිදුව ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. පාසල්වල අධ්‍යයන කටයුතු මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර පාසල්වල ආරක්ෂාව ද මේ වන විට තහවුරු කර ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.