සත්‍යයේ පුවත් අඩහැරය….

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට නාවික හමුදාවෙන් වෙඩි, රියදුරු මරුට..

Podu Jana Peramunaඅණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ. අද (11) අළුයම වත්තල, හුණුපිටිය ප්‍රදේශයේ නාවික හමුදා මාර්ග බාධකයේදී අදාළ අදාළ මෝටර් රථය අණ නොතකමින්, එම ස්ථානයේ රැදීසිටි නාවික හමුදා සාමාජිකයින් ද හප්පා පලායාමට දරණ ලද උත්සාහයේදී නාවික හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. මේ අතර මෙම සිදුවීමෙන් සුළු වේලාවකට පසු එම මාර්ග බාධකයේදීම තවත් මෝටර් රථයක් අණනොතකා ධාවනය කිරීමට උත්සාහ කිරීම නිසා නාවික හමුදාව විසින් යළි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙහිදී එම මෝටර් රථයේ රියදුරා තුවාල ලබා රෝහල්ගත කර තිබේ. වත්තල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට