වයඹ හැර අනෙකුත් සියළු ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවතට..
වයඹ පළාතේ හැර දිවයිනේ අනෙකුත් සියළු ප්‍රදේශවලට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය අද (14) අළුයම 04.00 න් පසු ඉවත් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව වයඹ පළාතට පනවන ලද පොලිස් ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේ. ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවු පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 06.00 ට ඉවත් කර ඇත. ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මෙසේ දිවයින පුරා පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක විය.