සත්‍යයේ පුවත් අඩහැරය….

සමගියෙන් කටයුතු කිරීමේ යුතුකම පැහැරහැරීමෙන් යළි මැකිය නොහැකි කැළලක් රට තුළ ඇතිවේවි – කථානායක කරූ ජයසුරිය

Podu Jana Peramunaශ්‍රී ලාංකිකයින් ලෙස සාමය ඇතිකිරීමට කැපවිය යුතු බවට සමස්ත ආගමික නායකයන් සහ ජනතාව එක් මතයකට පැමිණ තිබෙන මේ මොහොතේ සිදුවන ජාතිවාදී, ආගම්වාදී ක්‍රියා එකහෙළාම ප්‍රතික්ෂේප කිරීම සැමගේම යුතුකම බව කථානායක කරූ ජයසුරිය මහතා අවධාරණය කර සිටියි. රට තුළ මේ වන විට ඇතිවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරූ ජයසුරිය මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වේ. අදාළ නිවේදනයෙහි තවදුරටත් සදහන් වන්නේ ත්‍රස්තවාදයේ අමිහිරි අත්දැකීම යටපත් කොට, යළි සමගියෙන් කටයුතු කිරීමේ යුතුකම මේ මොහොතේ පැහැරහැරීමෙන්, යළි මැකිය නොහැකි කැළලක් මෙරට ඉතිහාසයට එක්වනු ඇති බවයි. මෙම තීරණාත්මක මොහොතේ අන්තවාදී ක්‍රියාවන්ට කුමනාකාරයකින් හෝ සහයක් දක්වන්නන් රටට ද්‍රෝහිවන්නන් බවත් එවැනි ආකාරයට කටයුතු කිරීම තුළින් අනාගත පරපුර පවා දැඩි අවධානමකට ඇද දමන බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

ජාතිවාදී හෝ ආගම්වාදී හිංසනයන්ට පොළඹවනු ලබන විවිධාකාරයේ ක්‍රියාවන් සිදුකරන සහ ඒවා පිටුපස සිටින පුද්ගලයන්ට එරෙහිව ශිෂ්ඨ සම්පන්න ජනතාව නැගීසිටිය යුතු බවත් එවැනි කටයුතු සදහා දායක නොවන ලෙසත්, සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන් තමන් ඉල්ලාසිටින බවද කතානායකවරයා සිය නිවේදනය මගින් තවදුරටත් අවාධාරණය කර තිබේ.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට