සත්‍යයේ පුවත් අඩහැරය….

අහිංසක, නිරායුධ ජනතාව පීඩාවට පත්කර රට අරාජික තත්ත්වයට පත්කිරීමට කිසිවෙකුටත් ඉඩදෙන්නේ නෑ – වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න

Podu Jana Peramunaඅහිංසක, නිරායුධ ජනතාව පීඩාවට පත්කර රට අරාජික තත්ත්වයට පත්කිරීමට කිසිවෙකුට හෝ ඉඩනොදෙන බවත් අන්තවාදී කි‍්‍රයා වහාම නැවැත්වීමට කටයුතු කළයුතු බවත් වැඩබලන පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. රට තුළ මේ වන විට උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරවණය සම්බන්ධයෙන් අදහස් පළකරමින් වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකර ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සී.ඩී. වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ, ඉවසීමෙන් කටයුතු කිරීම පොලිසියේ දුර්වලතාවයක් බව සිතීම අන්තවාදී කණ්ඩායම් වල විශාල වරදක් බවයි. රට තුළ පැවති දරුණු ත‍්‍රස්වාදය විනාශ කිරීමට දැවැන්ත කාර්යයක් කළ පොලිසියට, මෙම සුළු අන්තවාදීන් පිරිස අංශූ මාත‍්‍රයක් පමණක් බව ද වැඩබලන පොලිස්පතිවරයා තවදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට