ලුණුගම්වෙහෙර වෙඩිතැබීමකින් එක් අයෙකු මරුට, දෙදෙනෙකුට තුවාල..
ඊයේ (16) රාත්‍රියේදී ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතිබව වාර්තා වේ. ලුණුගම්වෙහෙර, බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක පැවති මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි මේ වන විට අනාවරණයවී ඇති අතර වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි පුද්ගලයෙකි.