සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගත යුතුයි – පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය, කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් සැලසුම් සහගතව සිදුකර ඇතැයි පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අවධාරණය කර සිටියි. පසුගියදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් මෙම අදහස් පළකරන ලද අතර උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ මේ වන විට මෙරට ආරක්ෂක අංශයටන්ට විවිධ චෝදනා එල්ල කරමින් සිටින අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ විනාශයට පත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ පල්ලි ඡායාරූපගත කර ඒවා ජාත්‍යන්තරයට ලබාදීමට කටයුතු කරමින් සිටින බැවින් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතුව ඇති අතර එසේ නොවුන හෝ රටක් ලෙස දැවැන්ත ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවන බවයි.

රට තුළ කිසිදු ලෙසකින් අන්තවාදී අධ්‍යාපනයක් බිහිනොවිය යුතු අතර නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය වහාම රජයට පවරාගැනීමට කටයුතු කළයුතු බවත් එම විශ්වවිද්‍යාලය ඉදිකිරීම සදහා විදෙස් රටවලින් ලැබුනු අතිවිශාල මුදලක් පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වන බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

රට තුළ ආර්ථික කටයුතු මෙන්ම අධ්‍යාපනය පවා ඇණහිටීමට හේතුවී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ රිෂාඩ් බදියුදීන් මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන මහත්වරුන් වගකිවයුතුව ඇති බව ද ආනන්ද සාගර හිමියන් සිය අදහස් පළකරමින් මෙහිදී තවදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ මෙම අවස්ථාවේදී නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමට කටයුතු නොකළහොත්, මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දියත් කළ ආකාරයට දැවැන්ත විරෝධතාවයන් දියත් කරන බවයි.

මෙරට පක්ෂ, විපක්ෂ සියළු දේශපාලකයින් ජනතාව නොමග යවමින් සිටින අතර ජනතාවගේ අහිංසකකම සහ ඉවසීම තවදුරටත් පරීක්ෂා නොකරන්නැයි එම දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටින බවත් සියළු ජනතාව සදහා එක් නීතියක් යටතේ කටයුතු කරමින් සියළු සැක සහිත ස්තාන පරීක්ෂා කළයුතුව ඇති බවත් ජයසුමන මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හින්දු පූජක සංගමයේ උප ලේකම් දර්ශක චර්මා පූජකතුමා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලලිතසිරි ගුණරුවන්, රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වසන්ත අල්විස් යන මහත්වරුන් ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට