සත්‍යයේ පුවත් අඩහැරය….

භේදයකින් තොරව සියළු සිසු දරු දැරියන්ට එක් සෙවණක අධ්‍යාපනය ලැබිය හැකි අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළ යුතුයි – ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය

Podu Jana Peramunaවාර්ගික, ආගමික සහ භාෂාමය ලෙස රටේ අධ්‍යාපනය වෙනස් නොවිය යුතු අතර එවැනි භේදයකින් තොරව සියළු සිසු දරු දැරියන්ට එක් සෙවණක අධ්‍යාපනය ලැබිය හැකි ආකාරයේ අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළයුතුව ඇති බව ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය අවධාරණය කර සිටියි. අද (17) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ ජාතික සංවිධායක නිමල් ප්‍රේමවංශ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් නිමල් ප්‍රේමවංශ මහතා තවදුරටත් පවසා සිටියේ මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණු 11 කින් යුත් යෝජනාවලියක් ජාතික ආරක්ෂාව පිළිබද පාර්ලිමේන්තුවේ ආංශික කමිටුව වෙත භාරදීමට කටයුතු කර ඇති බවයි.

මෙරට අධ්‍යාපන ක්‍රමයේ පවතින දුර්වලතා මගහරවා ගනිමින් රටට සුදුසු නව අධ්‍යාපන ක්‍රමයක් ඇතිකළයුතු බවට එහි යෝජනාවක් සදහන් වන බවත් ඒ අනුව අදාළ යෝජනා සම්බන්ධයෙන් අවධානය යොමුකර ඒවා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බව ද ප්‍රේමවංශ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් එස්.එන් නිශ්ශංක ප්‍රනාන්දු, භාණ්ඩාගාරික බන්දුල ගමගේ සහ විධායක සභික සමන් කුමාර ගමගේ යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට