මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් අවසන්..
මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (19) අවසන් වන ලදී. අද අළුයම් කාලයේ ශ්‍රී පාද උඩමළුවේ පැවති විශේෂ පුජාවන් කිහිපයකින් පසුව මෙවර ශ්‍රී පාද වන්දනා සමය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ අනාවරණය කර සිටියි. ඒ අනුව ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඬුව, සමන්දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ පැල්මඩුල්ල රජමහ විහාරස්ථානය දක්වා වැඩම කරවීමට ද නියමිතව ඇත.