සිම් කාඩ්පත් 1475 ක් කොච්චිකඩේ කැළෑ ප්‍රදේශයකදී අත්අඩංගුවට..
කොච්චිකඩේ, කැළෑ ප්‍රදේශයක තිබී පොහොර උරයක දමා තිබූ සිම් කාඩ්පත් 1475 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇති බව වාර්තා වේ. කොච්චිකඩේ, ඕවිටියාව, මාඔය අසළ කැළැ ප්‍රදේශයක මෙම සිම් කාඩ්පත් සහිත පොහොර බෑගය හමුව ඇති අතර එම සිම් කාඩ්පත් පුද්ගලික සමාගමකට අයත් ඒවා බව අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කොච්චිකඩේ පොලිසිය මගින් සිදුකරන බවත් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.