සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මේ වන විට රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් – යුතුකම සංවාද කවය

Podu Jana Peramunaමේ වන විට රට ඉතා අන්ත අසරණ තත්ත්වයකට පත්ව ඇති අතර රටට හිමිකරුවෙකු නොමැති ආකාරයක් පෙනී යන බවත් රටට අවශ්‍යව ඇත්තේ දියාරු ආණ්ඩුවක් නොව ශක්තිමත් ආණ්ඩුවක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (20) යුතුකම සංවාද කවය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාව ඇමෙරිකාව, චීනය, සෞදි අරාබිය සහ ඉන්දියාවේ ආක්‍රමණයට නතුව ඇති අතර ආණ්ඩුවට ඉතිරිව තිබෙන මාස 06 ක කාලය තුළ මෙරට තමන් සතු කරගැනීම සදහා අවශ්‍ය වන ගිවිසුම් වලට එළඹීමට විජාතික බලවේග අත්සහ කරමින් සිටින බවයි.

ඉදිරියේදී රටෙහි නායකත්වයට පත්වන පුද්ගලයාට යෝජනා මාලාවක් ඉදිරිපත් කරන අතර එම යෝජනා සදහා එකගවී දන්ත ධාතූන් වහන්සේ ඉදිරිපිටදී එම යෝජනාවලිය සදහා අත්සන් ලබාගැනීමට කටයුතු කරන බවත් රට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ සහජීවනයෙන් ජීවත්වීමට ආගමික නායකයින් සහ ජාතීන් උත්සහ කළ ද මෙරට දේශපාලකයින් එවැන්නකට උත්සහ නොකරන බවත් බොර දියේ මාළු බෑමට එම දේශපාලකයින් මේ වන විට උත්සහ කරමින් සිටින බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

වෙනත් රටක මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවූයේ නම් එහි වගකීම භාරගෙන පාලකයින් බලයෙන් ඉවත්වන නමුත් මෙරට පාලකයින්ගේ අරමුණ වී ඇත්තේ රට තුළ උද්ගතව ඇති වාතාවරණය හමුවේ සිය බලය රැකගන්නේ කෙලෙසකද යන්න පිළිබදව පමණක් අවධානය යොමුකිරීම බව ද පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගිවූ යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසා සිටියේ මෙරට ඉතිහාසයේ කිසිදු දිනෙක මේ අකාරයට වෙසක් උත්සවය පැවැත්වීමට නුසුදුසු වාතාවරණයක් උද්ගත නොවූ බවයි. කිසිදු ඡන්ද පදනමක් නොමැති පුද්ගලයින් පවා මේ වෙන විට ජනතා බදු මුදලින් පෝෂණය වෙමින් සිටින බවත් පාලකයින් විකෘති ප්‍රජාතන්ත්‍රවාදයක් ජනතාව මත පටවා ඇති බවත් මෙරට තුළ ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකළයුතු බවත් ගෙවිදු කුමාරතුංග මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජනාධිපති නීතිඥ මානෝහර ද සිල්වා මහතා ද සහභාගිවී අදහස් දක්වන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට