සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත්ට එරෙහිව පූර්ණ විමර්ශනයක්, නීතිපතිවරයාගෙන් උපදෙස්..

Podu Jana Peramunaපාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා, වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.අදාළ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තා දෙකක් අධ්‍යයනය කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව ද පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන ලෙස ද නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට