සත්‍යයේ පුවත් අඩහැරය….

ඉදිරියටත් රට වෙනුවෙන් කැපවනවා, ගැටළු විසදීමට බෞද්ධ ක්‍රමවේදයන් භාවිතා කළයුතුයි – පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaකළයුතුව ඇත්තේ එකිනෙකාට චෝදනා කිරීම නොව උද්ගතව ඇති ගැටළු සදහා හේතු සොයා බලා පිළියම් යෙදීම බව ජනාධිපති සමාව ලබා සිරදඩුවමෙන් නිදහස් වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (24) පස්වරුවේ සිරදඩුවමෙන් නිදහස් වීමෙන් පසු උන්වහන්සේ රුක්මලේ, ධර්මවිජයාලෝක විහාරස්ථානයේදී කෝට්ටේ ශ්‍රි කල්‍යාණි සමාග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහනායක අතිපුජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදකින ලද අතර අනතුරුව රාජගිරිය සද්ධර්මාරාජික විහාරස්ථානය වෙත වැඩම කරන ලදී. එහිදී පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මාධ්‍ය වෙත අවධාරණය කරන ලද්දේ රට තුළ උද්ගතව ඇති ගැටළු විසදීම සඳහා බෞද්ධ ක්‍රමවේදයන් භාවිතා කළයුතුව ඇති බවයි. තමන් ඉදිරියටත් රට වෙනුවෙන් කැපවන බවත් සියළුදෙනා සංයමවෙන් කටයුතු කළයුතුව ඇති බවත් ඥානසාර හිමියන් මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට