සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අග්‍රාමාත්‍යවරයා රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීම අත්හිටුවීමේ උත්සහයක නිරතව සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක

Podu Jana Peramunaලොව කිසිදු බෞද්ධයෙකු අමාත්‍ය මංගල සමරවීර මහතා මෙන් කටයුුතු නොකරනු ඇති බවත් ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට ඒ මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශය විහිළු සහගත බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. ඊයේ (23) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා විසින් මෙම අදහස් පළකරන ලද අතර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ ථේරවාදී බුදුදහමේ මුලස්ථානය ශ්‍රී ලංකාව ලෙස ලොවම පිළිගෙන තිබියදී සහ කාදිනල්වරයා පවා මෙරට බෞද්ධ රටක් ලෙස පිළිගෙන තිබියදී ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම ඉතා කණගාටුදායක බවයි.

මෙරට බෞද්ධ ජනතාව සහ මුස්ලිම් ජනතාව සහජිවනයෙන් යුතුව ජීවත්වීමට කැමැත්තෙන් සිටිය ද ජාතීන් අතර යම් ප්‍රකෝපකාරි තත්ත්වයක් ඇතිකිරීමේ අරමුණින් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බවයි. බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීම සදහා ගන්නා ලද තීන්දුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ස්තුතිය පළකරන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අත්හිටුවීමේ උත්සහයක නිරතව සිටින බවත් එස්.බී දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

පසුගියදා මෙරට තුළ ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු මෙරට ආරක්ෂක අංශයන් සම්පුර්ණයෙන්ම වගකිවයුතුව ඇති අතර ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි තොරතුරු ලැබී තිබියදී පවා පොලිස්පතිවරයා වගකීම් සහගත නොවන අකාරයට අකටයුතු කර ඇති බව ද දිසානායක මහතා තවදුරටත් සිය අදහස් පළකරමින් අවධාරණය කර ඇත.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල දහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ද සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට