ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිලදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මරුට..
යතුරුපැදියක් සහ කැබ් රථයක ගැටීමෙන් ආනමඩුව, හලාවත මාර්ගයේ නාගවිල ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි තිදෙනෙකි. අනතුරින් පසු බරපතල තුවාල ලැබූ එම පුද්ගලයින් තිදෙනා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුර සම්බන්ධයෙන් පල්ලම පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.