කුඩා තම්මැන්නාව වැවේ සැකකටයුතු කාන්තා මළ සිරුරු දෙකක්..
අනුරාධපුර, කුඩා තම්මැන්නාව වැවේ තිබී, සැක කටයුතු ලෙස මියගිය කාන්තා මළ සිරුරු දෙකක් හමුවී ඇති බව වාර්තා වේ. මෙම කාන්තාවන් දෙදෙනා අංක. 436/12, හයිලෙවල් පාර, ගංගොඩවිල ලිපිනයේ පදිංචි වයස අවුරුදු 28 ක සහ වයස අවුරුදු 22 ක කාන්තාවන් දෙදෙනෙකු බව අනාවරණය වී තිබේ. පශ්චාත් මරණ පරීක්ෂණ සදහා අදාළ සිරුරු දෙක අනුරාධපුර රෝහලට රැගෙන ගොස් ඇත.