සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීමේ ගනුදෙනුව වහාම අත්හිටුවන්න, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාට ලිපියක්..

Podu Jana Peramunaදුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීම සදහා වන ගිවිසුමට අත්සන් කිරීම හෝ අදාළ ගනුදෙනුව සඳහා කැබිනට් අනුමැතියක් ලබාගැනීම වහාම අත්හිටුවන්නැයි ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටියි. එම සංගමයේ සමකැඳවුම්කරු එස්. පී. විතානගේ මහතාගේ අත්සනින් යුතුව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත යොමුකර ඇති ලිපියක මේ බව සදහන් කර තිබේ.

දුම්රිය ස්ථානයන්හි පහසුකම් සංවර්ධනය කරන බව පෙන්වමින් දුම්රිය ස්ථාන 12 ක් පෞද්ගලික සමාගමකට පැවරීම තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම් මාර්ග කීහිපයක් වසා දැමීමක් බවත් එය දුම්රිය සේ්වය පුද්ගලීකරණය කිරීමේ තවත් එක් වුවමනාවක් පමණක් බවත් මෙම ලිපිය තුළ වැඩිදුරටත් සදහන්ව ඇත. මෙම ගනුදෙනුවේ මුල් අදියර ලෙස කොළඹ කොටුව, මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, මහනුවර හා කුරුණෑගල යන දුම්රිය ස්ථානත් ජා-ඇල, මීගමුව, අනුරාධපුර, නානුඔය හා ඇල්ල යන දුම්රිය ස්ථාන දෙවන අදියරේදීත් අදාළ පුද්ගලික සමාගමට පැවරීමට නියමිතව ඇති බව ද ලිපියෙහි සදහන් කර ඇත.

වසර 12 ක් සදහා ඉහත දුම්රිය ස්ථාන ”අයන්ගරන් මීඩියා සොලූෂන්” නැමැති පුද්ගලික ආයතනයට පැවරීම සදහා ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය මේ වන විට කටයුතු කරමින් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇති බවත් මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත් දුම්රිය දෙපාර්තමේන්තුවට හිමිවිය යුතු දැවැන්ත අදායමක් අහිමිවී යන අතර මෙම ගනුදෙනුව තුළින් දුම්රිය දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන් විනාශය කරායොමුවීම වැළැක්විය නොහැකි වනු ඇති බවත් මෙම ලිපිය තුළින් තවදුරටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට