ශ්‍රී ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි අක්‍රමිකතා සොයන කමිටුවේ කාලය දීර්ඝ වෙයි..
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවාවන් තුළ සිදුවූ බව පැවසෙන වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ කොමිසමේ කාලය දීර්ඝ කර ඇති අතර ඒ අනුව එහි කාලය ලබන ජුනි මස 30 වැනිදා තෙක් දීර්ඝ කර තිබේ. මෙම ජනාධිපති කොමිෂන් සභවේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය අද (27) දින නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි.