සත්‍යයේ පුවත් අඩහැරය….

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අක්‍රමිකතා රැසයි, නීතිය ක්‍රියාත්මක කරන්න මැදිහත් වන්න – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්..

Podu Jana Peramunaවත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ කර ඇති බවට, පසුගිය දා එළිදක්වන ලද විගණකාධිපති වාර්තාවෙන් හෙළිවන ලද දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකර නීතිප්‍රකාරව දඩුවම් ලබාදෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. අද (27) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මේ බව සදහන් කරන ලදී. ක්‍රියාකාරී සැලැස්මට පටහැනිව ඖෂධ ගෙන්වීම, අනවශ්‍ය ඖෂධ ගෙන්වීම, ඇස්තමේන්තුගත නොකර ඖෂධ මිලදී ගැනීම, ඖෂධ හිගයක් නිර්මාණය කර හදිසි මිලදී ගැනීම් ලෙස දක්වා අධික මිල ගණන යටතේ ඖෂධ මිලදී ගැනීම මෙන්ම තවත් අක්‍රමිකතා රාශියක් සම්බන්ධයෙන් විගණන වාර්තාව තුළ කරුණු අනාවරණය වී ඇති බවත් ඒ අනුව නීතිමය ක්‍රියාමාර්ග දියත් කර මෙම අක්‍රමිකතාවයන්ට සම්බන්ධ සියළු පුද්ගලයින්ට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් මැදිහත් වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි. මෙම මාධ්‍ය හමුව සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් වන වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට