සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අවිනිශ්චිතභාවය දුරුකර ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිකිරීමට සියළුදෙනා දූරදර්ශීව කටයුතු කළයුතුයි – බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaමේ වන විට දැඩි ආතතයකින් සහ අවිනිශ්චිත බවකින් ජීවත්වන රටේ ජනතාව, එම තත්ත්වයෙන් මුදවා ගැනීමට මෙන්ම ජනතාව තුළ බලාපොරොත්තුවක් ඇතිකිරීම සදහා සියළුදෙනා දූරදර්ශීව කටයුතු කළයුතුව ඇති බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (28) රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ විසින් මෙම අදහස් පළකරන ලදී. සිය අදහස් දක්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැඩිදුරටත් පහත පරිදි අදහස් දක්වන ලදී.

රට තුළ මේ වන විට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ දේශපාලකයින් කළයුතුව ඇත්තේ ආරක්ෂක අංශයන් වෙත නිසි නියෝග ලබාදී තත්ත්වය සමනය කිරීමට කටයුතු කිරීම පමණක් වන අතර රට බේරාගැනීමේ ප්‍රමුඛතම කාර්යය පැවරී ඇත්තේ ආගමික නායකයින්ට වන බැවින් ඒ සදහා අවස්ථාව ලබාදෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා. මුස්ලිම් ප්‍රජාව මේ වන විට දැඩි ආතතියකට පත්ව සිටින අතර මෙම තත්ත්වයෙන් රට මුදවාගැනීමට ආගම්, පක්ෂ, ජාති, කුල බේද ඇතැර එක්ව කටයුතු කළයුතුයි.

තමාව යළි සිර කරන්නේ කෙසේදැයි අන්තවාදී, වහබ්වාදී රාජ්‍ය නොවන සංවිධාන අවධානයෙන් බලාසිටින අතර පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සියළු තොරතුරු මෙරට දේශපාලකයින්ට ලැබී තිබුන ද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුත් කිරීමට කටයුතු කළේ නෑ. ඉස්ලාම් අන්තවාදයට සම්බන්ධ තෝරු මෝරුන් නීතියේ රැහැනට අසුකර ගැනීමට කටයුතු කළයුතුව ඇති බවත් මෙරට තුළ ක්‍රියාත්මක වන බී කාස් විශ්වවිද්‍යාල ජාලයේ හිමිකරු වන අබ්දුල් රහුමාන් නැමැත්තා විසින් මෙරට අන්තවාදී ක්‍රියාවන් මෙහෙයවමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. විදෙස් රටකට පැනයාමට පෙර මෙම පුද්ගලයා අත්අඩංගුවට ගතයුතුව ඇති අතර කෙටි කාලයක් තුළ මොහු මිලියනපතියෙක් බවට පත්ව තිබෙනවා. අබ්දුල් රහුමාන් නැමැත්තා පිළිබදව තොරතුරු රැසක් මේ වන විට තමන් සතුව පවතින අතර කඩු වැනි ආයුධ සෙවීම සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු නොකර මෙවැනි පුද්ගලයින්ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කළයුතුයි. එමෙන්ම එක් කුරාණයක් යටතේ මුස්ලිම් සමාජය පැවතිය යුතු අතර තමන්ට සුදුසු කුරාණයේ ඉගැන්වීම කුමක්දැයි යන්න සම්බන්ධයෙන් මුස්ලිම් සමාජය විසින්ම තීරණය කළයුතුව තිබෙනවා. ලබන ජූනි මස 07 වනදා භික්ෂූන් වහන්සේලා 7000 ක පමණ සහභාගිත්වයෙන් බොදු මහ සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර අන්තවාදය තුරන් කිරීම සදහා වන යෝජනා ලබාදෙන්නැයි විවිධ සංවිධානයන්හි නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

රට තුළ විශාල ලෙස ව්‍යප්තව පවතින මද්‍රසා පාසල් සම්බන්ධයෙන් නිසි සංවාදයක් ඇතිවිය යුතුව ඇති අතර ඒවා නියාමනය කිරීම සදහා ත්‍රස්තවාදීන්ගෙන් උපදෙස් ලබගැනීම කණගාටුවට කරුණක්. වන්ධ්‍යාකරණය සම්බන්ධයෙන් වන තොරතුරු සියල්ල මේ වන විට රටටම අනාවරණය කරඇති නමුත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු බලධාරියෙකු හෝ දේශපාලඥයෙකු ක්‍රියාත්මක වූයේ නෑ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට