මිනුවන්ගොඩ ගැටුම්කාරී සිදුවීම, 15 දෙනෙකුට ඇප..
පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 15 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. ඉහත සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් 19 දෙනෙකු අද (29) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඉන් සිව් දෙනෙකු නිදහස් කොට ඉතිරි 15 දෙනා ඇප මත නිදහස් කරමින් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.