කිලිනොච්චියේ ගැටුමකින් 09 දෙනෙකු රෝහලේ..
කිලිනොච්චිය ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඊයේ (29) ඇතිවූ ගැටුමකින් පුද්ගලයින් 09 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. ආරවුලක් දුරදිග යාම නිසා කිලිනොච්චිය, සෙල්වනගර් ප‍්‍රදේශයේ දී ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් කාන්තාවන් 06 දෙනෙකු සහ පිරිමින් 03 දෙනෙකු තුවාල ලබා තිබේ. කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.