සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

චෝදනා ප්‍රතික්ෂේප කරනවා, අප පෙනී සිටින්නේ සමස්ත රට වෙනුවෙන් – යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ

Podu Jana Peramunaමුස්ලිම් ජනතාව වෙනුවෙන් පමණක් නොව සමස්ත රටේත්, ජනතාවගේත් යහපත සහ අනාගත සුරක්ෂිතභාවය උදෙසා මෙන්ම යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරමින් දේශපාලනයේ නිරත වෙමින් සිටින යහපාලනය සදහා වූ ජාතික පෙරමුණට විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන අසත්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරන බව එම පෙරමුණ අවධාරණය කර සිටියි. ඊයේ (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ ජාතික සංවිධායක, නජා මෙහොමඩ් මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් පළකරමින් නජා මොහොමඩ් මහතා පවසා සිටියේ, 2006 ආරම්භ කරන ලද මෙම පක්ෂයට වසර 13 ක ඉතිහාසයක් ඇති අතර එය කිසිදු පටු දේශපාලන අරමුණු ඉටුකැගනීමේ අරමුණකින් තොරව කටයුතු කරන බවයි.

පක්ෂයේ නිර්මාතෘ අබ්දුල් රහුමාන් මහතා සහ පක්ෂය ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා එල්ලකරමින් ඇතැම් පිරිස් අදහස් පළකර ඇති බව පසුගිය දින කිහිපය තුළ මාධ්‍ය තූළින් දැකගැනීමට හැකිවූ බවත් පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් නැමැත්තා සමග පක්ෂයේ සාමාජිකයින් සිටින ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් මෙම අසත්‍ය චෝදනාව එල්ලකිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටින බවත් නජා මෙහොමඩ් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

එම ඡායාරූපය, 2015 මහ මැතිවරණ සමයේදී එවකට නීත්‍යානූකූල ආකාරයෙන් කටයුතු කරමින් සිටි ජාතික තව්හිද් ජමාද් සංවිධානය සමග මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ගන්නා ලද ඡායාරූපයක් බවත් එය නීතියට අනුව සිදුකරන සාකච්ඡාවක් වන බැවින් අදාළ චෝදනාව කිසිසේත්ම පිළිනොගන්නා බවත් මොහොමඩ් මහතා මෙහිදී අවධාරණය කරන ලදී. එමෙන්ම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසන ආකාරයට, පක්ෂයේ නිර්මාතෘ අබ්දුල් රහුමාන් මහතාට අයත් වන බී කාස්ට් නම් උසස් අධ්‍යාපන ආයතනය තුළ කිසිදු ආකාරයකින් වහබ්වාදය හෝ අන්තවාදය ඉගැන්වීමක් සිදුනොකරන අතර එම ආයතනය තුළින් සිදුවන්නේ මෙරට තරුණ පරපුරට දැවැන්ත සේවාවක් බවත් නජා මොහොමඩ් මහතා මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

එමෙන්ම යහපාලනය සදහා වූ ජාතික පෙරමුණ තහනම් කළයුතු බවද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටින නමුත් රටට හිතැති පක්ෂයක් ලෙස තම පක්ෂය තහනම් කිරීම අපරාධයක් ලෙස හැදින්විය හැකි බවත් රට අස්ථාවරව ඇති මේ මොහොතේ සියළුදෙනාම එක්ව රටත්, සංදියාවත් ගොඩනැංවීම සදහා කටයුතු කළයුතුව ඇති බවත් නජා මොහොමඩ් මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් පැවසීය.

මෙම මාධ්‍ය හමුව සදහා යහපාලනය සදහා වූ ජාතික පෙරමුණේ නියෝජ්‍ය සභාපති අබ්දුල් රහුමාන්, සාමාජිකයින් වන ඒ.ජී.එම් හාරූස්, ඒ.එල්.එම් සකීම් සහ එම්.ඒ.සී.එම් මුහුදීම් යන මහත්වරුන් ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට