සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සේවකයින් පැළදිය යුතු ඇදුම ගැන චක්‍ර ලේඛයක්..

Podu Jana Peramunaමෙරට රාජ්‍ය සේවකයින් සදහා පැළදිය යුතු ඇදුම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රාජ්‍ය සේවයේ යෙදී සිටින සියළුම නිලධාරිනියන්ට සාරිය සහ ඔසරිය අනිවාර්ය කර ඇත. එමෙන්ම රාජ්‍ය සේවයේ නිලධාරීන් හට කලිසම, කමිසය හෝ ජාතික ඇඳුම ද මෙම චක්‍ර ලේඛය තුළින් අනිවාර්ය කර තිබේ. ඊට අමතරව යම් නිල ඇදුමක් හෝ නිල ඇඳුම් දීමනාවක් ලබන රාජ්‍ය සේවකයින් අදාළ නිල ඇඳුම ඇද සිටීම ද අනිවාර්ය කර ඇත. එමෙන්ම කිසියම් ආගමික හෝ චාරිත්‍රයකට අනුව තම ඇඳුම පැළදිය යුතු රාජ්‍ය සේවකයින් ඉහත අනිවාර්යය කර ඇති ඇඳුමින් සැරසී ආගමික අනන්‍යතාවය තහවුරුවන ලෙස සහ සිය මුහුණ සම්පුර්ණයෙන්ම පැහැදිලිව හඳුනාගත හැකිවන ලෙස අතිරේක පැළඳුමක් භාවිතා කළ හැකි බවත් අදාළ චක්‍ර ලේඛයේ සදහන්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට