සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා ගැන නිසි පරීක්ෂණ සිදුකර ජනතාවගේ සැකය දුරලීමට බලධාරීන් කටයුතු කළයුතුයි – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ දැවැන්ත කථාබහකට ලක්ව ඇති, සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් වදභාවයට පත්කර ඇති බවට චෝදනා එල්ල වන කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධයෙන් බලධාරීන් නිසි, විද්‍යාත්මක පර්යේෂණයක් කර ජනතාවට සත්‍ය කරුණු හෙළි නොකිරීමෙන් මේ වන විට දැඩි ව්‍යාකූලභාවයක් උද්ගතව ඇති බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (31) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා, සිංහල, දමිළ, මුස්ලිම්, මැලේ මෙන්ම බර්ගර් යන සෑම ජනවර්ගයකටම අයත් වෛද්‍යරුන් මෙරට වෛද්‍ය සේවයේ නිරතව සිටින අතර තමන්ගෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන කුමන ජනවර්ගයකට අයත් පුද්ගලයෙකු වුවත් එම පුද්ගලයා වෛද්‍යවරයාට රෝගියෙකු පමණක් වන නමුත් ඉහත සිදුවීම හේතුවෙන් මෙරට සමස්ත වෛද්‍යවරුන්ම දැඩි අපහසුතාවයකට පත්ව ඇත.  ආයතන සංග්‍රහය අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව මෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙම වෛද්‍යවරයා පිළිබද නිසි විමර්ශනයක් සිදුකළයුතුව ඇති අතර ඔහු වරදක් සිදුකර ඇත්නම් අනිවාර්යයෙන්ම නීතියට අනුව දඩුවම් ලබාදිය යුතුව ඇත. මෙරට සෑම වෛද්‍යවරයෙකුම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන බැවින් මෙම වෛද්‍යවරයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ද කඩිනම් පරීක්ෂණයක් පැවැත්විය යුතුව ඇති නමුත් එවැනි පරීක්ෂණයක් සිදුවන ආකාරයක් මේ වන තුරුත් දක්නට නොමැත. එක් ජනවර්ගයක එක් වෛද්‍යවරයෙකු විසින් සිදුකරන ලද මෙවැනි ක්‍රියාවක් නිසා අනෙක් සියළු ජනවර්ගයන්ට අයත් වෛද්‍යවරුන් අගතියට පත්නොවිය යුතුය ආදි වශයෙන් තවදුරටත් අදහස් දක්වමින් කරුණු සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය අසංග වික්‍රමසිංහ මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට