වැසි තත්ත්වයේ වර්ධනයක්..
නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඒ අනුව හෙට (03) සිට, දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වර්ධනයක් විශේෂයෙන් බලාපොරොත්තු වන අතර බස්නාහිර, දකුණ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වල වැසි ඇතිවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.