පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි ..
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරිම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (04) යළි රැස්විමට නියමිතව තිබේ.පස්වරු 03.00 සිට රාත්‍රී 09.00 දක්වා විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතයි. අද දිනයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කාරක සභාව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය බදාදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයාට සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයාට කැදවිම් සිදු කර තිබුණි.