සත්‍යයේ පුවත් අඩහැරය….

විපක්ෂ නායකට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමට ජනපති එරෙහි වෙයි..

Podu Jana Peramunaවිපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව පළවී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. එම යෝජනාව අද (04) පැවැති කැබිනට් රැස්වීමේදී ද ඉදිරිපත් නොවූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට වෙඩි නොවදින මෝටර් රථයක් ලබාදීමේ යෝජනාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉකුත් සතියේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි. විපක්ෂ නායකවරයාට වෙඩි නොවදින මෝටර් රථ තුනක් දැනටමත් දී තිබෙන බව ජනාධිපතිවරයාද එහිදී ප්‍රකාශ කර තිබිණි. මේ අතර එම යෝජනාව සම්බන්ධයෙන් සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ද ප්‍රකාශ කර ඇත. ඒ අනුව කැබිනට් සංදේශය සාකච්ඡාවට ගැනීම පසුවට කල්තැබුණු නමුත් අද දිනයේ එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් නොවූ බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට