සත්‍යයේ පුවත් අඩහැරය….

ලී මඩු තහනම් කිරීමෙන් ගෘහ භාණ්ඩ මිල ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකියි – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaලී මඩු තහනම් කිරීමේ තීරණය තුළින් ගෘහ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ අවදානමක් මතුවිය හැකි බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

ඉදිරි වසර පහකින් පසුව මෙරට ලී මඩු තහනම් කරන බව ජනාධිපතිවරයා ඊයේ (06) ප්‍රකාශ කරන ලද අතර මෙම තීරණය අනුව අත්‍යාවශ්‍යම පාරිභෝගික භාණ්ඩයක් බවට පත්ව ඇති ගෘහ භාණ්ඩ ඉල්ලුමට කුමක් කරන්නේ දැයි යන ගැටළුව මතුවන බවත් ආනයනික ගෘහ භාණ්ඩ මෙරට සාමාන්‍ය ජනතාවට මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවත් මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් වේ. වන සම්පත සුරැකීම සදහා යැයි පවසමින් ලී මඩු තහනම් කිරීම අතීසාරයට අමුඩය ගැසීම වැනි ක්‍රියාවක් බවත් කළයුතුව ඇත්තේ වන සම්පත සුරැකීම සදහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය සිය නිවේදනය තුළින් තවදුරටත් අනාවරණය කර සිටියි.

මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීම සදහා ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නේ මන්ද මානසික පුද්ගලයෙකු විසින්දැයි යන ගැටළුව ඇති වන අතර කළයුතුව ඇත්තේ මුදලට යටව කටයුතු කරන මධ්‍යම පරිසර අධිකාරිය වසා දමා වන සම්පත ආරක්ෂා කිරීම වෙනුවෙන් වෙනත් ආයතනයක් ස්ථාපිත කිරීම බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට