සත්‍යයේ පුවත් අඩහැරය….

සති 02 ක් තුළ හෙද සේවාවේ ගැටළු නොවිසදුවහොත් වෘත්තීය අරගල, සමස්ත ලංකා හෙද සංගමයෙන් රතු එළියක්..

Podu Jana Peramunaමේ වන විට හෙද සේවාව තුළ ගැටළු රැසක් මතුව ඇතත් එම ගැටළු විසදීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශය හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා කිසිදු උත්සහයක් ගන්නා ආකාරයක් නොපෙනෙන බැවින් ඉදිරි සති දෙකක කාලයෙන් පසුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බව සමස්ත ලංකා හෙද සංගමය අනතුරු අගවා සිටියි. අද (07) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත මහතා විසිනි.

සිය අදහස් දක්වමින් මැදිවත්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ අදාළ ගැටළු විසදීම සදහා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් 2015 වසරේදී පත්කරන ලද කමිටුව මෙතෙක් රැස්වී නොමැති බවයි. වාට්ටු කළමණාකරන හෙද නිලධාරී තනතුරට බදවාගැනීම වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වුව ද මෙතෙක් එම පිරිස බදවාගැනීමට හෝ පුහුණුව සදහා කැදවීමට කටයුතු කර නොමැති අතර අදාළ සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ වන විට වසර 05 ක් කාලයක් ගතවීමෙන් ගැටඵකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවද එස්.බී මැදිවත්ත මහතා මෙහිදී තවදුරටත් සිය කරුණු දක්වමින් පවසා සිටින ලදී.

හෙද සභාව ද මේ වන විට අක්‍රීය තත්ත්වයේ පවතින නමුත් නිලවරණයක් පවත්වා නව සාමාජිකයින් ඊට පත්කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට නිසිදු වුවමනාවක් නොමැති බවත් මෙම තත්ත්වය තුළ හෙද සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් දැඩි අර්බුදයක් මතුව තිබෙන බව ද මැදිවත්ත මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති ප්‍රභාත් පලිපාන මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට