සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමෘද්ධි නිලධාරීන්ගේ දීමනා නොගෙවා ටී ෂර්ට් වෙනුවෙන් දැවැන්ත මුදලක් වැය කිරීම බරපතල සැකයක් – සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaමෙම වසරට අදාළව සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට ගෙවිය යුතු ගමන් වියදම් දීමනා හා කාර්යාල දීමනා නොගෙවා, උත්සව අවස්ථාවක් වෙනුවෙන් ටී ෂර්ට් 125000 මිලදී ගැනීමට විශාල මුදලක් ගෙවීම කඩිනම් කිරීම පිළිබදව දැඩි සැකයක් මතුවන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත යොමුකර ඇති නිවේදනයක මේ බව සදහන් වේ.

අදාළ නිවේදනයේ තවදුරටත් සදහන් වන්නේ සමෘද්ධි සංවර්ධන දොපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ටී.ආර්.ටී.එම්.එස්.පී. බණ්ඩාර මහතාගේ අත්සනින් දිවයිනේ සියළුම දිස්ත්‍රික් ලේකම්වරු අමතා එවන ලද 2019. 06. 04 දිනැති DSD/HO/SW/18/04/19/1 ලිපිය මගීන් එක් දිස්ත්‍රික්කයකින්, අදාළ ටී ෂර්ට් සදහා රු.2.837,193.75 මුදලක් කඩිනමින් දෙපාර්තමේන්තුව වෙත එවීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇති බවයි.

125000 ක මෙම ටී ෂර්ට් ඇණවුම සම්බන්ධව මේ වන විට දැවැන්ත මතවාදයක් ඇතිවී තිබෙන අතර දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් කමිටුවද මෙම ගෙවීම අනුමත කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව ද අනාවරණය වී ඇතැයි සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය මෙම ලිපිය තුළින් වැඩිදුරටත් අවධාරණය කර තිබේ. ඇගළුම් කර්මාන්ත අංශයේ යෙදී සිටින්නෙකු සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අමාත්‍යධුරය දරණ අවස්ථාවක මෙලෙස ටී ෂර්ට් 125000 ක ඇණවුමෙහි මුදල් ගෙවීම හදිසි කිරීම, සංගමයේ සාධාරණ සැකයකට තුඩු දෙන්නක් බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතු බවත් මෙම ලිපියෙහි වැඩිදුරටත් සදහන්ව ඇත.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට