සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතුයි – සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaරට තුළ මේ වන විට දැවැන්ත මතභේදයකට ලක්ව ඇති නැගෙනහිර ආණ්ඩුකාර ධූරය දැරූ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට අයත් හීරා පදනම විසින් ආරම්භ කරන ලද මඩකලපුව, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය, රජයට පවරාගෙන විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පාලනය වන රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවට පත්කළ යුතු බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයක මේ බව සදහන් වන අතර එහි තවදුරටත් සදහන්ව ඇත්තේ 2015.07.03 වන දින ඉහත ආයතනය විශ්වවිද්‍යාලයක් ලෙස ලියාපදිංචි කිරීම සදහා ඉල්ලා ඇතත් ඒ සඳහා අවසර හිමිවී නොමැති බවයි. එසේ වුවද ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගමක් ලෙස සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති මෙම ආයතනය පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යාහැකි බවට නැගෙනහිර ආණ්ඩුකාරවරයාව සිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා තුළ පවතින අදහස තහවුරු වන ආකාරයේ ප්‍රකාශයක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකර ඇති බව ද මෙම නිවේදනයෙහි තවදුරටත් සදහන් වේ.

කෙසේ වෙතත් පසුගිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මෙම ආයතනය සම්බන්ධයෙන් මතුවූ ආන්දොලනාත්මක මතවාදයන්ට අනුව එම අධ්‍යාපන ආයතනයේ නීති පීඨය තුළ ෂරියා නීතිය උගන්වන බවට මෙන්ම වෛද්‍ය උපාධිය මුදලට විකිණීම සඳහා වෛද්‍ය උපාධි පාඨමාලාවක් ද ආරම්භ කිරීමට නියමිත බවට තොරතුරු හෙළිවෙමින් පවතින බවත් ඒ අනුව මෙම ආයතනය ඉදිකිරීම් සිදුකළ ආකාරයත් ඊට මුදල් ලැබුණු ආකාරයත් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සිය නිවේදනය තුළ තවදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට