සත්‍යයේ පුවත් අඩහැරය….

ජනතාව අවිනිශ්චිතභාවයකින් ජීවත්වන මේ මොහොතේ සියළුදෙනා වගකීමකින් සහ ඉවසීමෙන් කටයුතු කළයුතුයි – බොදු බල සේනා සංගමයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

Podu Jana Peramunaසිංහල, දමිළ මෙන්ම මුස්ලිම් ජනතාව ද දැඩි අවිනිශ්චිතභාවයකින් ජීවත්වන මේ මොහොතේ සියළුදෙනා මනා සංයමයකින්, වගකීමකින් සහ ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතුව ඇති බව බොදු බල සේනා සංගමයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසා සිටියි. උන්වහන්සේ මෙම අදහස් පවසා සිටින ලද්දේ පසුගියදා රජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් සිය අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අවධාරණය කර සිටියේ මෙරට මුස්ලිම් නායකයින් කටයුතු කරන්නේ උලමා සංවිධානයේ උපදෙස් අනුව බව පසුගියදා මුස්ලිම් දේශපාලන නායකයින් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී මනාව පැහැදිලිවූ බවයි.

මෙරට දේශපාලන ධාරාව තුළ සිටින පුද්ගලයින් මෙම අන්තවාදී ගැටළුව පිළිබදව සාකච්ඡා නොකරන තාක් මෙම දරුණු අන්තවාදය පරාජය කළ නොහැකි බවත් මෙම ගැටළුවට විසදුම් සෙවීමේ ඓතිහාසික කාර්යය පැවරෙන්නේ මෙරට සංඝයාවහන්සේලාට බවත් එය කිසිදු දිනෙක අත්හැර දැමිය නොහැකි වගකීමක් වන බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

එල්.ටී.ටී.ඊ ගැටඵවට විසදුම් සෙවූ ආකාරයට මෙම අන්තවාදී ගැටළුව සම්බන්ධයෙන් විසදුම් සෙවිය නොහැකි බවත් ඉස්ලාම් අන්තවාදය තුළ දේශපාලන අරමුණක් නොමැති බැවින් සහරාන් වැනි පුද්ගලයින් අන්තවාදයට යොමුකරන ලද නායකයින් සහ න්‍යායන් පරාජය කිරීම සදහා ධර්ම න්‍යාය යොදාගත යුතු කාලය එළඹ ඇති බවත් ඥානසාර හිමියන් තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට