පාස්කු ඉරිදා ප්‍රහාරය, අද රැස්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පාර්ශව කිහිපයක්..
පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (11) යළි රැස්වීමට නියමිතව ඇත. පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස් වූ බස්නාහිර පලාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා, කාත්තණ්කුඩි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපතිවරයා, සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සාමාජිකයෙකු අද මෙම විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීමට නියමිතව තිබේ.