සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපතිවරණයට එ.ජා.ප යේ සුදුස්සා ලක්ෂ්මන් කිරිඇල්ලයි – පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ

Podu Jana Peramunaතම මතය අනුව ඉදිරි ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ හැකි සුදුසුම, අත්දැකීම් බහුලම සාමාජිකයා ලෙස දැක්විය හැක්කේ වත්මන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි. ඊයේ (10) කොළඹදී පැවති මාධය හමුවක් අතරතුරු මාධ්‍යෙව්දීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළකරන ලදී.

එමෙන්ම ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ අශ්වයෙකු ඉදිරිපත් කළයුතු තරගයක් සදහා පොනියෙකු ඉදිරිපත් කළ නොහැකි බැවින් මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට වත්මන් අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මහතා නුසුදුසු බවයි. රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළයුතුව ඇත්තේ ව්‍යවස්ථාව නොව විධායකය බව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව තුළම සදහන් වන බවත් එමෙන්ම රටේ බුද්ධි අංශය කටයුතු කළයුත්තේ කෙසේද යන්න පිළිබදව ද වගබලා ගතයුත්තේ ජනාධිපතිවරයා විසින් බවත් විජයදාස රාජපක්ෂ මහතා තවදුරටත් පවසා සිටින ලදී. සිය අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා පහත පරිදි වැඩිදුරටත් මාධ්‍ය හමුවේ අදහස් පළ කළේය. 1955 අංක 32 දරණ රාජ්‍ය නිල රහස් පනත තුළින් මෙරට බුද්ධි අංශ ක්‍රියාත්මක කළයුතු ආකාරය සදහන් කර ඇති අතර යම් තැනැත්තෙක් විසින් රාජ්‍ය, නිල රහසක් හෙළි කළහොත් වසර 14 ක් දක්වා සිරගත කළ හැකිවන බවත් එම පනත තුළ සදහන්. අදාළ පුද්ගලයාගේ තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බවත් 2001 දී බලයට පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මිලේනියම් සිටිහි පවත්වාගෙන යන ලද බුද්ධි අංශයේ තොරතුරු හෙළි කිරීමෙන් බුද්ධි අංශ නිලධාරීන් 38 දෙනෙකු එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක වූයේ නම් එම පාවාදීම සිදුකළ පුද්ගලයින්ට නිසි දඩුවම් ලබාදීමට හැකිවනවා. මෙරට බුද්ධි අංශ නිලධාරීන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැදවා ප්‍රකාශ ලබාගැනීම තරයේ හෙළාදකිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට