පාස්කු ප්‍රහාරය, පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට යළි රැස්වේ..
පසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (13) යළි රැස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි යන මහත්වරුන් මෙම කාරක සභාව හමුවේ එදිනට සාක්ෂි ලබාදීමට නියමිතව ඇත.