මිනුවන්ගොඩ කලහකාරී තත්ත්වය, අත්අඩංගුවට පත්වූ 07 කට ඇප..
පසුගියදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ පුද්ගලයින් 07 දෙනෙකු ඇප මත මුදාහැර ඇති බව වාර්තා වේ. අදාළ සැකකරුවන් අද (12) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ. කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් දෙදෙනෙකු ලබන 19 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද මෙහිදී අධිකරණය විසින් නියෝග කර ඇත.