සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාස්කු ප්‍රහාරයේ වගකීම ජනාධිපතිවරයාට පමණක් නොවෙයි, සමස්ත ආණ්ඩුවටමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර

Podu Jana Peramunaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේත් අනන්‍යතාවය සහ ගෞරවය ආරක්ෂා කරගනිමින් එක්ව කටයුතු කළ හැකි වාතාවරණයක් ඇතිකිරීම දෙපාර්ශවයේම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කර සිටියි. ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මහතා මෙම අදහස් පළකරන ලද අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පහත පරිදි කරුණු සදහන් කරන ලදී.

පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව තොරතුරු ලැබී තිබියදීත් ජාතික බුද්ධි ප්‍රධානියා මෙන්ම එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා නිසි පරිදි කටයුතු කර නෑ. ඒ නිසයි මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුනේ. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් අදාළ තොරතුරු ජාතික බුද්ධි ප්‍රධානියාට දැන්වීමෙන් පසු ඔහු කළයුතුව තිබුනේ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශ සහ පොලිසිය මේ සම්බන්ධයෙන් දැනුවත් කර අවශ්‍ය ආරක්ෂක පියවර දියත් කිරීම. නමුත් එහෙම දෙයක් සිදුවෙලා නෑ. ආරක්ෂක ලේකම්වරයා තමන් අසරණයි වගේ ප්‍රකාශ නිකුත් කිරීම පිළිගත නොහැකියි. එතුමාට අවශ්‍ය තරම් අවස්ථාව තිබුනා මෙම ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන්න. එහෙමත් නොහැකි වුනානම් ආරක්ෂක ප්‍රධානීන් කැදවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීම සහ දැනුවත් වීම සිදුකරන්න ඔහුට අවස්ථාව තිබුනා. එහෙම ආරක්ෂක ප්‍රධානීන් රැස්කළ හැකියි. මොකද ඔහු ආරක්ෂක ලේකම්. අමාත්‍යංශයක ලේකම්වරයෙක් ඒ අමාත්‍යංශයේ සියළු දේ සම්බන්ධයෙන් වගකිව යුතුයි.

එමෙන්ම මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ජනාධිපතිවරයාට මඩගැසීම සදහා උපයෝගි කරගන්නා කමිටුවක් ලෙස හැදින්විය හැකියි. මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දේශපාලන නාඩගමක්. එය වහාම නැවැත්විය යුතුයි කියන මතයේ මා සිටිනවා. මෙම ප්‍රහාරය ජනාධිපතිවරයාගේ පුද්ගලික වගකීමක් නොවෙයි. නමුත් මෙය ආණ්ඩුවේ වගකීමක්. ඒ අනුව ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ මෙන්ම ආණ්ඩුවේ. ඒ නිසා පුද්ගලයින්ට චෝදනා එල්ලකිරීම නොවෙයි කළයුත්තේ. අවශ්‍ය තීන්දු තීරණ ගෙන යළි මෙවැනි සිද්ධියක් ඇතිනොවන ලෙස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට