සත්‍යයේ පුවත් අඩහැරය….

උලෙමා (ACJU) නායකයා සිය සංවිධානය ගැන ව්‍යාජ ප්‍රකාශ කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නොමග යවලා – බොදු බල සේනා සංවිධානය

Podu Jana Peramunaපසුගිය 11 වනදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදෙන ලද උලෙමා (ACJU) නායක රිස්වි මුෆ්ති මහතා විසින් සිය සංවිධානය සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රකාශ සිදුකරමින් එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙන්ම පාර්ලිමේන්තුව, මෙරට ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද නොමග යැවිමට කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් දැඩි කණගාටුව පළකරන බව ද බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය මේ බව පවසා සිටියි. මෙරට මුස්ලිම් තරුණයන් ISIS අන්තවාදයට යොමු වන ලද්දේ සිය සංවිධානය විසින් සිදුකරන ලද වෛරී සහගත ප්‍රකාශ නිසාවෙන් බව ප්‍රකාශ කරමින් උලෙමාවරු පණපිටින් දිව්‍ය ලෝකයට යාමට තරම් ශුද්ධවන්තයන් ලෙස ලොවට විදහාදැක්වීමට අල්-ටකියා න්‍යාය යොදා ගැනීමේ පිළිකුල් සහගත උත්සහය පිළිබද අනුකම්පාව සහ කරුණාව දක්වන බවත් එම නිවේදනයේ තවදුරටත් සදහන් වේ.

එමෙන්ම උලෙමා නායකයා විසින් සිදුකරන අල්-ටකියා න්‍යායේ ප්‍රකාශයන් ව්‍යාජ බව ඔප්පු කිරීමට අප සතුව ඇති සාධක රාශියක් ඉදිරියේදී හෙළිදරව් කරන බව ද ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නැයි උලෙමා නායකයාට අභියෝග කරන බව ද බොදු බල සේනා සංවිධානය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට