සත්‍යයේ පුවත් අඩහැරය….

“රට සුරකින ජනපවුර”, රට වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ජනතාව හමුවට ගෙනඑනවා – වෛද්‍ය හරිත අලුත්ගේ

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු නොමැති බවත් ඒ අනුව වගවීමට අවශ්‍ය නීතිරිති සකස්විය යුතුව ඇති අතර රට තුළ සියළු කටයුතු ජාතික ප්‍රතිපත්තීන්ට අනුව සිදුවිය යුතු වුවත් මේ වන විට ජාතික ප්‍රතිපත්ති අතර කිසිදු එකගතාවයක් හෝ පාරදෘෂ්‍ය බවක් නොමැති බව “රට සුරකින ජනපවුර” සංවිධානය අවධාරණය කර සිටියි. එම සංවිධානය විසින් ඊයේ (13) කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මූලිකත්වයෙන් මෙරට තුළ ක්‍රියාත්මක තවත් සංවිධාන රැසක් එක්ව “රට සුරකින ජනපවුර” සංවිධානය, කරුණු 04 ක් ඔස්සේ කමිටු 04 ක් පත්කර ක්‍රියාත්මක වන බවත් සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බවත් රට තුළ එකම නීතියක් ක්‍රියාත්මක වීම, වගවීම සදහා නීතිමය බැදීමක් සකස් කිරීම, ජාතික සම්පත් විකුණා දැමීමට එරෙහිව නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රතිත්‍රස්ත පනත වැනි මර්දනකාරී පනත් ක්‍රියාත්මක වැළැක්වීම යන ප්‍රධාන කරුණු ඔස්සේ කටයුතු කරන බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සුරකිමු ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් ද සහභාගි වී පහත පරිදි අදහස් පළකරන ලදී. මේ වන විට රට තුළ දැවැන්ත වන සංහාරයක් සිදුවෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පාලකයින් කිසිදු අවධානයක් යොමු කර නෑ. මධ්‍යම අධිවේගී මාර්ගය සදහා යැයි කියමින් බලධාරීන් මේ වන විට මධ්‍යම කදුකරයේ දැවැන්ත වන විනාශයක් සිදුකරමින් යනවා. මේ හේතුවෙන් ඉදිරියේදී දැඩි පරිසර හානියක් සිදුවන බව වාර්තා මගින් දැන්වීමට කටයුතු කර ඇතත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය යොමුවී නෑ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ “රට සුරකින ජනපවුර” සංවිධානයේ සාමාජික, වෘත්තීය සමිති නායක ධර්මකීර්ති ඈපා මහතා ද සිය අදහස් පළකරන ලදී. ඒ මහතා පවසා සිටියේ, පසුගිය දා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය වැනි ප්‍රහාරයක් වෙනත් රටක එල්ල වූයේ නම් ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වගකීම භාරගෙන සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට පවා කටයුතු කරන නමුත් ශ්‍රී ලංකාව තුළ කිසිදු දිනෙක එවැන්නක් සිදුනොවන බවයි. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව පවසා සිටි නමුත් මෙතෙක් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමක් සිදුනොකළ අතර වගකීම භාරගැනීම යන්නෙහි අදහස හෝ කුමක්දැයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නොදන්නවා විය හැකි බවත් ධර්මකීර්ති ඈපා මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා “රට සුරකින ජනපවුර” සංවිධානයේ සාමාජිකයින් වන සිවිල් ගුවන් සේවා අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිත හසන්ත ජයරත්න, ලංකා කම්කරු සමිති මධ්‍ය මණ්ඩලයේ නියෝජිත ඉෂාර දියෙස් සහ එක්සත් සුවසේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටී. විජේතුංග යන මහත්වරුන්ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට