සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දේශපාලනය පමණක් නොව රට ගැන ද ජනතාව තුළ දැඩි කළකිරීමක් හටගෙන තිබෙනවා – “සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුව” සංවිධානය

Podu Jana Peramunaමේ වන විට විධායකය සහ ව්‍යවස්ථාදායකය අතර දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති අතර නීතියක් නොමැති රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් “සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුව” අවධාරණය කර සිටියි.ඊයේ (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී  සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුවේ කැදවුම්කරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

සිය අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මෙම තත්ත්වයන් යටතේ දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව රට සම්බන්ධයෙන් ද සමස්ත ජනතාව තුළ දැඩි කළකිරීමක් හටගෙන ඇති අතර රටේ පාලනය වෙනුවෙන් සුදුසු පාලකයින් පත්කරගැනීමට වෘත්තිකයින් ලෙස කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරන ලෙස ඇතැම් පිරිස් සමාජ මාධ්‍ය ඡාලා ඔස්සේ ගෙන යන ලද ප්‍රචාරයන් හමුවේ එම ව්‍යපාර මේ වන විට දැවැන්ත කඩාවැටීමකට ද ලක්ව ඇති අතර මෙම ගැටළුකාරී තත්ත්වයට විසදුම් සෙවිය හැක්කේ මෙවැනි තීරණ තුළින් නොව බුද්ධිමත් ලෙස කටයුතු කිරීම තුළින් බවත් නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

රතන සූත්‍රය සජ්ඡායනය කර විශාලා මහනුවර තුන්බිය තුරන් කළ බව අප සැවොම දන්නා කරුණක් වන නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා මහනුවර, දළදා මාලිගා පරිශ්‍රයේදී දියත් කරන ලද උපවාසය තුළින් සිදුවූයේ රටම ගිනිබත් වීම පමණක් බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසන ලදී.

“සාධාරණ සමාජයක් සදහා වූ නීතිඥ එකමුතුව” සංවිධානයේ සාමාජික නඩරාජා ත්‍යාගදීපන් මහතා අවධාරණය කර සිටියේ මුස්ලිම් ජනතාවට මේ වන විට සිදුවන හිරිහැර හේතුවෙන්, 1983 වසරේදී රටතුළ ඇතිවූ කළුජූලිය වැනි සිදුවීමක් යළි ඇතිවීමේ අවදානමක් මතුව ඇති බවයි. ඒ හේතුවෙන් එවැනි තත්ත්වයක් යළි රට තුළ ඇතිනොවීම සදහා බලධාරීන් අවශ්‍ය පියවර ගතයුතුව ඇති බවත් ඒ සදහා රටේ සියළු බලවේගයක් එක්ව කටයුතු කළයුතුව ඇති බව ද නඩරාජා ත්‍යාගදීපන් මහතා තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට