සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිසියේ කණිෂ්ඨ නිළධාරීන් 30000 කට උසස්වීම්..

Podu Jana Peramunaශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ පොලිස් නිළධාරීන් 30000 කට පමණ ලබාදීමට නියමිතව ඇති උසස් වීම්, වහාම ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව වසර 12 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර ඇති පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් සැරයන් නිලයට ද, වසර 12 ක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර තිබෙන පොලිස් සැරයන්වරුන් උප පොලිස් පරීක්ෂක නිලයට ද උසස් කිරීමට නියමිතව ඇත. එමෙන්ම වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂක නිලයට ද, වසර 10 ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද පොලිස් පරීක්ෂකවරුන් ප‍්‍රධාන පොලිස් පරික්ෂක නිලයට ද උසස් කෙරෙනු ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් මෙම තීරණයට එළඹ ඇති අතර පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ද අනුව මෙම උසස්වීම් ලබාදීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට