කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක් අත්අඩංගුවට..
යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 යි ග්‍රෑම් 254 ක් වැල්වැටිතුරය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. වැල්වැටිතුරය, කිරුඩාවිල් දකුණ ප්‍රදේශයේදී පොලිසිය විසින් යතුරුපැදියක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී යතුරුපැදිකරු, යතුරුපැදිය දමා පලාගොස් ඇති අතර පසුව කළ පරීක්ෂාවකදී එම යතුරුපැදියේ තිබී හමුවූ පාර්සලයක මෙම කේරළ ගංජා තොගය හමුවී ඇත. වැල්වැටිතුරය පොලිස් ස්ථානය විසින් වැඩිදුරටත් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.